FAST NEWS

24×7 Around the Globe

පරාජයේ වගකිම ගැන ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අවධාරණ කරයි.

මැදපෙළ කඩා වැටීම පරාජයට හේතුවක් වුවත්, පරාජයේ වගකීම සමස්ත කණ්ඩායම භාරගන්නා බව ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (28දා) තරගයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මැතිව්ස් මේ බව පවසා සිටියේය.

“මැදපෙළ කඩා වැටුණු නිසා පිතිකරුවන්ට අනවශ්‍ය පහරවල් එල්ල කරන්න සිදුවුණා. කෙසේ නමුත් එක් අයෙකුට පමණක් පරාජයේ වගකීම භාරකරන් නැනැ, කණ්ඩායමක් වශයෙන් පරාජයේ වගකීම භාරගන්නවා”.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, බංග්ලාදේශ කණ්ඩායම කිසිදු විටක අවතක්සේරුකර තරගයට සහභාගි නොවුණු බවයි.

“ලකුණු 147 ක් හඹායාම අපහසු ඉලක්කයක් නෙමෙයි. අපේ පිතිකරු ලැයිස්තුවේ අංක 09 දක්වා පිතිකරුවන්ට හොදින් පන්දුවට පහරදෙන්න පුළුවන්. මෂ්රාෆි (මෂ්රාෆි මොර්ටාසා) හොදින් පන්දු යැවුවා. ඔහු පන්දු යැවීම ආරම්භ කිරීමත් සමග තරගය වෙනස් වුණා.ඒ හැරෙන්න තණතිල්ලේ කිසිදු වැරැද්දක් නැහැ” යනුවෙන් පැවසීය.