FAST NEWS

24×7 Around the Globe

දුමින්ද සිල්වාගෙත් සංවිධායකකම ගැලවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ සිදුකෙරිණි.

ජනාධිපති නිලනිවසේදී මෙම පත්වීම් සිදුකෙරුණු අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය බලවතුන් වූ බස්නාහිර හිටපු මහ ඇමති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, දෙහිවල – ගල්කිස්ස ධනසිරි අමරතුංග, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම, මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඉවත් කර අලුතින් ආසන සංවිධායකවරුද දිස්ත්‍රික් සංවිධායකවරුද පත් කර ඇත.
මහින්ද පාර්ශවය සමග සම්බන්ද නොවූ කොළොන්නාව හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාටද මෙහෙදී ආසන සංවිධායකකම අහිමි විය.