FAST NEWS

24×7 Around the Globe

ඔස්කාර් සම්මාන උළෙලේ ‍හොඳ ම නළුවා සහ නිළිය මෙන්න

88 වන ඔස්කාර් සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී නිමාවට පත්විය.
සම්මාන උළෙලේදී හොදම නළුවා ලෙස ලියනාඩෝ ඩී කැප්රියෝ තේරී පත්වූ අතර හොදම නිළිය ලෙස සම්මාන ලැබුවේ බ්‍රී ලාසන් ය.
මෙවර ඔස්කාර සම්මාන උළෙලේදී මෑඩ් මැක්ස් චිත්‍රපටයට සම්මාන 6ක් හිමි වී තිබේ.
ඒ හොඳම වේශ නිරුපණය හොඳම නිෂ්පාදනය හොඳම ඇදුම් නිර්මාණය හොඳම චිත්‍රපට සංස්කරණය හොඳම ශබ්ද පරිපාලනය හොඳම ශබ්ද සංකලනය වෙනුවෙනි.
මෙවර සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ මාර්ක් රෆලෝ අධ්‍යක්ෂණය කළ ස්පොට් ලයිට් චිත්‍රපට ය.
හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට රෙවනන්ට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඇල්ජෙන්ඩ්‍රෝ සමත්විය.
හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ලෙස ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය.
සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස ලියනාඩෝ ඩී කැප්රියෝ තේරී පත්වූයේ රෙවනන්ට් චිත්‍රපටයේදී දැක්වූ රංගන දක්ෂතාව වෙනුවෙනි.
මීට පෙර ඔස්කා සම්මාන උළෙල 5කදී ඔහු හොඳම නළුවා ලෙස නිර්දේශ වී සිටියත්හොදම නළුවා ලෙස ඔහු ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබු පළමු අවස්ථාව මෙයයි.
88 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය මෙවර හිමිවූයේ රූම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් බ්‍රී ලාසන්ට ය.