FAST NEWS

24×7 Around the Globe

ප්‍රසන්නට මිනුවන්ගොඩ ආසන සංවිධායක ධුරය අහිමි වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මිනුවන්ගොඩ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.

ප‍්‍රසන්න රණතුංග මහතා මෙම ධුරයට පත් කරනු ලැබුවේ 2006 වසරේදී වන අතර එතැන් සිට මේ දක්වා පැවති සියළු මැතිවරණවලින් ආසනය ජය ගනු ලැබුනේ සන්ධානයයි.

මිනුවන්ගොඩ නව ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ රුවන් රණතුංග මහතායි.පසුගිය මැතිවණයෙන් ඔහු පරාජයට පත් විය.

මේ අතර කාන්ති කොඩිකාර මහත්මිය මහරගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඉසුර දේවප‍්‍රිය මහතා පත් කර ඇත.

එමෙන්ම දිලුම් අමුණුගම මහතා සෙංකඩගල සංවිධායක ධුරයෙන්ද ඉවත් කර ඇත..