FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයට අලුත් සංවිධායකවරුන් 26ක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් 26 දෙනෙකු පත්කර තිබේ.

ඔවුන් සිය පත්වීම් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබාගත්තේ ය.

ඒ අනුව, කොළොන්නාව ආසන සංවිධායක ධූරයට ප්‍රසන්න සෝලංගආරච්චි මහතාත්, ඉසුර දේවප්‍රිය මහතා මහරගම ආසන සංවිධායක ලෙස ත්, දෙහිවල ගල්කිස්ස ආසන සංවිධායක ලෙස කීර්ති උඩවත්ත මහතා ත් තෙල්දෙණිය ආසන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී.දිසානායක මහතාත්, මීරිගම ආසනයේ සම සංවිධායකවරයා ලෙස රුවන් රණතුංග මහතා ත් පත්කර තිබේ.