මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටියදී ගුවන් යානයක නවීන පහසුකම් සවිකළැයි චෝදනාව සම්බන්ධව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා වෙනුවට ෂෙරොන් සමරනායක විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
මහින්ද රාජපක්ෂ මහතාගේ සුඛෝපභෝගී ගුවන්යානා කුටිය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමේ නව ගුවන්යානා සමඟ එතුමාගේ භාවිතය සඳහා සුඛෝපභෝගී නානකමර, වැසිකිලි, ඇදන් සහිත කුටියක් නිර්මාණය කළ හැකි විශේෂ පරිවර්තන කට්ටලයක් ඇමරිකානු ඩොලර් මිලියන හතරක වියදමින් ඇණවුම් කර තිබූ බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ඇණවුම අවලංගු කිරීමට උත්සාහ දැරුවත් ගිවිසුමේ කොන්දේසි නිසා එසේ කළ නොහැකි බවත් එම නිසා ඒ පාඩුව රටට දරා ගැනීමට සිදු වන බවත් ඊයේ එ.ජ.ප පක්ෂ් මූලස්ථානයේ පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කර තිබුණි. හිටපු ජනාධිපතිතුමාට අද කොමිසම් හා හිරගෙවල් ගානේ යෑමට සිදු වී ඇත්තේ මෙවැනි දේවල් නිසා යැයි රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂන මහතා පුද්ගලික ගුවන් යානයක් ඇණවුම් කර තිබෙනවා යැයි සාවද්‍ය ප්‍රචාරයක් ගෙනයන ලදී. දැන් මේ කතාව සාමාන්‍ය ගුවන් යානයකට සවි කරන සුඛෝපභෝගී කුටියක් හැටියට ඔවුන්ම වෙනස් කරගෙන තිබේ. මේවා සත්‍ය වශයෙන්ම සාමාන්‍ය වාණිජ ගුවන්යානා වල ආසන කීපයක් ගලවා තාවකාලිකව සවිකල හැකි ප්‍රභූ පරිවර්තන කට්ටල වේ. එයාර්බස් සමාගමෙන් ගුවන්යානා ඇණවුම් කරන විට මේ කට්ටලය නොමිලේ ලබාදෙන තිළිණයක් හැටියට ඇතුලත් කොට තිබේ. මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය සඳහා එයාර්බස් සමාගම විසින් මිලක් සඳහන් කරනු බලන්නේ ගැණුම්කරුවාට තිළිණයේ වටිනාකම පිළිබඳ අදහසක් දීමට පමණි. තිළිණය වෙනුවට ඒ සඳහන් කරන මුදල ගැණුම්කරුවාට ලබා ගැනීමට නොහැක.
රාජපක්ෂ මහතා ඇණවුම් කර තිබෙනවා යැයි කී පරිවර්තන කට්ටල ඇමරිකාවේ ජනාධිපතිවරයා හාබෲනායිහි සුල්තාන්වරයාත් පාවිච්චි කරන බව රාමනායක මහතා කියා සිටියද එය අමූලික බොරුවකි. ඇමරිකාවේ ජනාධිපතිවරයාට වෙනම නිළ ගුවන්යානයක් තිබෙන අතර බෲනායිහි සුල්තාන්වරයාට පුද්ගලික ගුවන්යානා ගණනාවක්ම තිබේ. ඔවුන් ගමන් කරන්නේ පරිවර්තන කට්ටල අටවාගෙන නොවේ.
ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන්යානා සමඟ නොමිලේ ලැබෙන මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය සදහා කර ඇති ඇණවුම අවලංගු කිරීමට නොහැකි යැයි කීම බොරුවකි. ඕනෑම ගැණුම් කරුවෙකුට නොමිලේ ලැබෙන තිළිණයක් අවශ්‍ය නැතිනම් එය ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇත. මෙතන සැබවින්ම සිදු වී ඇත්තේ වර්තමාන බලවතුන්ට මේ පරිවර්තන කට්ටලය ලබා ගැනීමට අශාවක් පහල වී තිබීම විය හැක. ගිවිසුමේ වගන්ති නිසා මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි යැයි කියා එය යහපාලන බලවතුන්ගේ භාවිතයට යෙදවීමට දැන් නිදහසට කරුණු නිර්මාණය කරමින් සිටින බවක් අපට පෙනේ. වර්තමාන ආණ්ඩුව විසින් මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය ප්‍රතික්ෂේප කරන බවටත් එය අලුත් ගුවන්යානා සමඟ ලංකාවට එවා තිබුණත් එය වහාම එයාර්බස් සමාගමට හරවා යවන බවටත් වගබලා ගැනීම සියළු යහපාලන ප්‍රේමීන්ගේ වගකීම වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්
රොහාන් වැලිවිට මහතා වෙනුවට
ෂෙරොන් සමරනායක
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.