ශ්‍රී ලාංකිකයා බේරාගැනීමට නයිජීරියානු  කප්පම්කරුවන්ට කෝටි පනහ දුන්නේ කවුද?

ශ්‍රී ලාංකිකයා බේරාගැනීමට නයිජීරියානු කප්පම්කරුවන්ට කෝටි පනහ දුන්නේ කවුද?

 

නයිජීරියාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් මහා වනාන්තරය මැද දින නවයක් රදවා ගනිමින් පසු නිදහස් කල ලාංකික ඉංජිනේරු ඩි. ඒ. කරුණාදාස මහතා බේරාගැනීමට රුපියල් කෝටි 50ක කප්පම ගෙවූ බව ඉතාලි ආරංචි කියයි.

කරුණාදාස මහතාගේ නිදහස් වීම පිළිබඳව නයිජීරියාවේ වෙසෙන නම සඳහන් කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙක් මෙසේ පැවසිය.

‘ඇත්තෙන්ම ඔහුගේ ජීවිතය බේරා දුන්නේ මිහිපිට දෙවියන් වැනි ඔහුගේ හාම්පුතුන් වන ඉතාලි ජාතිකයි පිරිසයි. රුපියල් කෝටි 50 ගැන ඔවුන් හිතුවානම් අද කරුණාදාස මහත්තයා පොළොව යට වැළලිලා. මුදලට වඩා මනුෂ්‍ය ජිවිතයක ඇති වටිනාකම ගැන ඔවුන් ලෝකයට කිව්වා. ඉතාලි ජාතිකයින් ගැන මට තියෙන්නේ පුදුම පැහැදීමක්. මම ඉතාලියේ මාස කිහිපයක් ජිවත් උනා. ඔව්න් හරිම උතුම් ජාතියක්. මානව හිමිකම් ගැන කතා කරන ලෝකයේ දියුණු රටවල් දේශසිමාවක් හරහා තම රටට ඇතුළු වෙන සරණාගතයින්ට වෙඩි තියනවා. බලන්න ඉතාලිය දිහා. මුහුදු මාර්ග ඔස්සේ දහස් ගණනනින් පැමිණෙන සරණාගතයින්ට ඔවුන් සලකන විදිය. කන්න බොන්න, බෙහෙත් හේත් දීලා ඉඳුම් හිටුම් පහසුකම් සලසන මනුස්ස ගුණධර්ම ඉහළින් අගයන මිනිසුන් ජීවත්වෙන ඉතාලිය තව තවත් දියුණු වෙන්න ඕනෑ කියලයි මම කියන්නේ‘