FAST NEWS

24×7 Around the Globe

කුමාර් සංගක්කාරට පාකිස්ථාන ක්‍රිකට් වෙතින් සුපිරි තනතුරක් !!!

කුමාර් සංගක්කාර පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස එක්කර ගැනීම කෙරෙහි පාකිස්තානු කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව ක්‍රීඩා වාර්තා සඳහන් කර සිටියි.

සංගක්කාර මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කළ අතර ඔහු නියෝජනය කළ ග්ලැඩියේඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයටද සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

එම තරගාවලියේදී සංගක්කාර පිළිබඳ පාකිස්තානු කී‍්‍රඩකයින් දැඩි සැලකිල්ලක් දැක් වූ බව පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති ෂර්යාර් ඛාන් සඳහන් කර ඇත.

සංගක්කාරගේ කි‍්‍රකට් පිළිබඳ දැනුම, සිය ජාතික කණ්ඩායමට එක්කර ගැනීම සඳහා උපරිමව කටයුතු කරන බව පාකිස්තානු කි‍්‍රකට් සභාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.

එ අනුව ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා කුමාර් සංගක්කාර පාකිස්තානු කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත්කර ගැනීමටයෝජනා වී ඇති ඇති බව ක්‍රීඩා වාර්තා වැඩි දුරටත්  අවධාරණය කර සිටියි.