FAST NEWS

24×7 Around the Globe

නවීන්ගේ සෙක්ස්’ එස්.එම්.එස්. නඩුවේ සැකකරු අනතුරකට.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාට ජංගම දුරකතන මඟින් ‘සෙක්ස්’ එස්.එම්.එස්. පණිවුඩ එවූ බවට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව ලබන ජූනි මස 16 වැනිදාට විභාගයට ගැනීමට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (25දා) නියෝග කළේය.

නවීන් දිසානායක මහතාට එස්.එම්.එස්. මඟින් අසභ්‍යය පණිවුඩ එවූ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් සමන් කුමාර ජයසිංහ නමැති සැකකරුවකුට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබිණි.

ඊයේ (25දා) මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකරු අනතුරකට භාජනවී රෝහල් ගතකර ඇති බව නීතිඥවරු අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් නඩුව විභාගයට ගැනීම ජූනි 16දාට කල් තැබුවේය.