FAST NEWS

24×7 Around the Globe

නයිජිරියාවේ පිපිරීමකින් 50 දෙනෙක් මරුට.

නයිජිරියාවේ ඊශාන දිග මයිඩුගුරි ප්‍රදේශයේ ජනාකීර්ණ වෙළෙඳපොලක බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා. බොකො හරාම් ත්‍රස්තවාදීන් විසින් මෙම පිපිරවීම සිදුකර ඇති බවයි මේ වන විට සැකකෙරෙන්නේ.

වෙළෙඳාම් සඳහා භාණ්ඩ තැන්පත් කර තිබු මේසයක යටපැත්තේ අදාල බෝම්බය සවිකර තිබී ඇතැයි මූලික විමර්ශනවලින් හෙලිවුණා. ඉකුත් සති දෙක ඇතුලත නයිජිරියාවේ තවත් ප්‍රදේශ කිහිපයක ද මෙවැනි පිපිරිම් සිදුවී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ. එම පිපිරීම්වලින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.