FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් හා ට්විටර් ප‍්‍රධානීන්ට අයි.එස්.ත‍්‍රස්තවාදීන්ගෙන් අනතුරු ඇගවීම්.(වීඩියෝ)

ෆේස්බුක් ප‍්‍රධානී මාර්ක් සකර්බර්ග්ට හා ට්විටර් ප‍්‍රධානී ජැක් ඩෝර්සිට අයි.එස්. සාමාජිකයන් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
වීඩියෝවක් මගින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර ඔවුන්ගේ අවසානය සටහන් කරන බවට එහි සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
තම සංවිධානයට ආධුනිකයන් බඳවා ගන්නා අයගේ මෙන්ම උදව්කරුවන්ගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් අත්හිටුවීමට සකර්බර්ග් හා ජැක් කටයුතු කරමින් සිටින නිසා මෙම නිවේදනය මගින් අනතුරු අඟවා තිබෙනවා.

අත්හිටුවන එක් ගිණුමකට දස ගුණයක ප‍්‍රතිවිපාක විඳීමට සිදුවන බවයි අයි.එස්. ත‍්‍රස්තවාදීන් පවසන්නේ.

ට්විටර් සමාජ ජාලය ත‍්‍රස්තවාදය පතුරුවන ගිණුම් ලක්ෂ එකහමාරක් පසුගිය දා අත්හිටුවනු ලැබුවා.

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔමාබා සමාජ ජාල සහ අන්තර්ජාල මෙහෙයුම් පද්ධති හිමිකරුවන් මෙන්ම නිර්මාතෘවරුන් සමඟ පසුගිය දා රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉන් පසුව අනතුරුව මෙම ගිණුම් අත්හිටුවීම් අරඹා තිබෙනවා.

අයි.එස්. ත‍්‍රස්තවාදීන් අනතුරු ඇඟවීම සඳහා නිකුත් කළ වීඩියෝව පහතින් දැක්වෙනවා.

[youtube url=”https://www.youtube.com/watch?v=IJX59mqCly0″ width=”560″ height=”315″]