FAST NEWS

24×7 Around the Globe

පළමු විස්සයි විස්සෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක්.

ආසියානු කුසලාන පන්දුවාර 20-20 තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි  ඊයේ (26) පැවැති තරඟයෙන් ලකුණු 14ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම  තරඟයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 129ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකුරුවෙකු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ලකුණු 50ක් හා තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ලකුණු 27 හැරුණුවිට සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් විය.

පිළිතුරු වශයෙන් එමීර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 115ක් පමණි.

එහිදී ස්වප්නිල් පටිල් ලකුණු 37ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 4ක් හා නුවන් කුලසේකර කඩුලු 3ක් බිඳ හෙළුහ.