FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග ක්‍රීඩා දිවියෙන් සමුගැනීමේ දින දෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව ලසිත් මාලිංග අදහස් දක්වා තිබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඊයේ (25) තරගය ජය ගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා.

“මේ මගේ අවසන් වසර කිහිපය, සමහර විට අවසන් මාස කිහිපයද විය හැකීයි. ” යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

දණ හිසේ ආබාදයකට ප්‍රථිකාර ගත්ත ද මේ විවේක ගැනීමට කාලය නොවන බව ලසිත් එහිදී සඳහන් කර තිබෙනවා.

ලෝක කුසලානයට සහභාගී විය යුතු නිසා වේදනා නාශක හා ප්‍රතිකාර ලබා ගනිමින් ක්‍රීඩා කිරීමට සිදුවන බව ද එහිදී ලසිත් සඳහන් කරනු ලැබුවා.