FAST NEWS

24×7 Around the Globe

HIV ආසාදනය වැලැක්වීම කාන්තාවන්ට විශේෂිත යෝනි මුද්දක්.

HIV ආසාදනය වැලැක්වීම සඳහා කාන්තාවන්ට විශේෂිත බෙහෙත් ආලේපිත යෝනි මුද්දක් ළඟදීම වෙළඳපොළට නිකුත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව HIV ආසාදිතයින් වැඩි වශයෙන් ජීවත් වන මලාවි රාජ්‍ය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව, සහ සිම්බාබ්වේ යන රට වල අවුරුදු විසිඑකට වඩා වැඩි වයස් කාණ්ඩ වල කාන්තාවන් යොදාගෙන මෙම නිරීක්ෂණයන් සිදු කර ඇත.

මෙම බෙහෙත් ආලේපිත යෝනි මුද්ද පෙනුමෙන් සරල වුවද මෙමගින් HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝග ආසාදනය වැලැක්වීම සඳහා ලැබෙන ආරක්ෂාව ඉතාමත් වැදගත් බව දීර්ඝ වශයෙන් පරීක්ෂණ වල යෙදුනු විද්‍යායින් අනාවරණය කරයි.

ඒ අනුව මෙය පැලඳීම මගින් 27% කින් පමණ HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝග කාන්තාවන්ට වැළඳීමේ අවදානම අඩු කරන බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු කර ඇත.

කෙසේ නමු අවුරුදු විසිපහට වැඩි වයස් කාණ්ඩ වල කාන්තාවන්ගේ ශරීර පද්ධතියන් සමඟ මෙම ආරක්‍ෂිත මුද්ද ඉතාමත් හොඳින් කටයුතු කලද අවුරුදු විසි-පහට අඩු කාන්තාවන් සඳහා මෙය එතරම් ධනාත්මක ප්‍රතිඵල ගෙන දී නැත.