FAST NEWS

24×7 Around the Globe

නාමල්ගේ සමාගමට යන එන මං නැති වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අයත් ‘NR Associates”නීතිඥ සමාගම පිහිටුවා තිබූ කොළඹ 05 ගවර් වීදියේ කාර්යාලය එම ගොඩනැගිල්ල අයිති තැනැත්තා විසින් නැවත ලබා ගැනීම නිසා සමාගමේ කටයුතු පවත්වාගෙන යාම ඉමහත් අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ල අයිති තැනැත්තා මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) වෙත කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු බියට පත්වී ගොඩනැගිල්ල වහාම නැවත තමා වෙත ලබා දෙන ලෙස නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

ඉන්පසු නීතිඥ කාර්යාලය රැගෙන යාම සඳහා ඒ අවටින් ස්ථාන කීපයක් සොයා බැලුවද කිසිම ගොඩනැගිලි අයිතිකරුවෙකු වැඩි කුලියකට හෝ ගොඩනැගිල්ලක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම නාමල්ගේ ‘NR Associates’නීතිඥ සමාගමේ ඔහුගේ හවුල් කරුවන් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ ගුවේර ද සොයිසා මහතා ප්‍රමුඛ අනෙක් හවුල්කරුවනුත් මේ වන විට ගවර් වීදියේ කාර්යාලයෙන් නික්ම ගොස් තිබේ. මේ වන විට එහි රැදී සිටින්නේ එක් කණිෂ්ඨ නීතිඥවරයෙකු පමනි.

කාර්යාලය ගෙන යාමට තැනක් සොයා ගැනීමට නොහැකි වීම නිසා එහි තිබූ බඩු බාහිරාදිය නාමල් හා රෝහිත වාසය කරන ටොරිංටන් චතුරශ්‍රය අසළ පිහිටි නිවසට ගෙන ගොස් තිබේ. පවත්නා තත්වය යටතේ නීතිඥ සමාගම පවත්වාගෙන යාමට අසීරු වන හෙයින් එය වසා දැමීමට බොහෝ ඉඩ ඇති බව ‘NR Associates” නීතිඥ සමාගමේ සේවය කළ නීතිඥවරයෙකු සඳහන් කර සිටියේය.