FAST NEWS

24×7 Around the Globe

අද තරගයට මාලිංගත් එන ලකුණු – අරාබි කණ්ඩායම ගැනත් මාංලිග අවධානයෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භක තරගය ලෙස අද (25) එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ඩකා නුවර මිර්පූර් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7 ට තරග කිරීමට නියමිතය.

නායක ලසිත් මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව වඩාත් යහපත් නිසා අද තරගයට ක්‍රීඩා කිරීමේ ඉඩකඩ වැඩි ශ්‍රී ලංකා පි‍ලේ කළමනාකරු මෙන්ම සහාය පුහුණුකරු ජෙරම් ජයරත්න පැවසීය.

ඒහෙත් තවමත් තරගයට ක්‍රීඩා කරන 11 දෙනා කවුරුන්දැයි නිශ්චිතව තීරණය කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර නායක ලසිත් මාලිංග පැවසුවේ අත්දැකීම් අඩු කණ්ඩායමක් වුවත් අරාබි කණ්ඩායම කිසිවිට අවතක්සේරු නොකරන බවයි.

ඕවර විස්ස – 20 තරගයක් ගැන මුලින් අපට කියන්න බැහැ. අපි මුල තරගයේ සිටම සැලසුම් කරගෙන ඉදිරියට යන්න බලා‍පොරොත්තු වෙනවා යැයි පැවසූ මාලිංග තමාට පුහුණුවීම්වලදී වඩාත් හොඳ ප්‍රගතියක් ලැබි ඇති බවද පවසයි.