FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ආයතනය නීතිඥ ගාස්තු වෙනුවෙන් අසීමිත ලෙස මුදල් වැය කරලා-දයාසිරි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතිඥ ගාස්තු වශයෙන් පසුගිය වසර කිහිපය තුළ අතිවිශාල මුදලක් වැයකර ඇති බවත්, ඒ පිළිබඳව තමාට සෑහීමකට පත්විය නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිදුකළ යුතු ඇතැම් දේ පවා ක්‍රිකට් ආයතනය විසින් පෞද්ගලික නීති සමාගම් සහ නීතිඥවරුන් වෙත විශාල මුදලකට ලබාදී ඇති බවත්, ක්‍රිකට් ආයතනයට නීති අංශයක් නොමැති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ ක්‍රිකට් ආයතන නීතිඥ ගාස්තු ලෙස වැයකළ මුදල් ප්‍රමාණය පිළිබඳ තමා ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.