හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නීති විරෝධී ක්‍රියාකාරකම් හා අයථා ක්‍රම මඟින් මුදල් උපයා විදේශීය බැංකු හා දේශීය බැංකු ගිණුම්වල තැන්පත් කරමින් ගනුදෙනු කර එම මුදලින් විශාල දේපළක් මිලට ගෙන ඇති බවට රහස් පොලිසියට කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව පුළුල් විමර්ශනයක් සඳහා අදාළ දේශීය හා විදේශීය බැංකු මඟින් ගිණුම් විස්තර ලබා ගැනීමට නියෝග නිකුත් කරන ලෙස රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ඊයේ (24) ඉල්ලීමක් කළේය.
අදාළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා, රහස් පොලිස් විමර්ශන සඳහා අවශ්‍ය බැංකු ගිණුම් විස්තර හා ලේඛන ලබාදෙන ලෙසට දේශීය බැංකු හා විදේශීය බැංකු කළමනාකරුවන් වෙත නියෝග නිකුත් කෙළේය.
2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතින් සංශෝධිත 2006 අංක 5 මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ වගන්ති 3 ප්‍රකාරව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව රහස් පොලිසිය මෙහිදී අධිකරණයට කරුණු දන්වා සිටියේය.
මේ සිද්ධියට අදාළව පුද්ගලයින් 16 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බවටද පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියේය
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නීති විරෝධී ක්‍රම මඟින් මුදල් උපයා විදේශීය බැංකු ගිණුම්වල හා දේශීය බැංකු ගිණුම්වල තැන්පත් කරමින් ගනුදෙනු සිදුකර එම මුදලින් දේපළ මිලදී ගෙන ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සිදු කල පැමිණිල්ලකට අදාලවයි මෙලෙස රහස් පොලිස් විමර්ශන සිදු කරන්නේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.