FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය රාජිතගේ ශල්‍ය කර්මයට මොකද වුනේ?

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ශල්‍ය කර්මය අද (24 ) සිදුකිරීමට නියමිතව තිබුණද .වෛද්‍ය උපදෙස් අනුව එය කල් දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සිංගප්පුරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ දී මෙම ශල්‍ය කර්මය සිදු කිරීමට සුදානමින් සිටියද ඒ සඳහා හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ.

අවශ්‍ය වුවහොත් ඉදිරි දිනයක දී මෙම ශල්‍යකර්මය කිරීමට නියමිතයි.