වසර 1996 ලෝක ශූර ක්‍රිකට් පිල පන්දුවාර විස්සයි 20 තරග වලදී ද ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරනු ඇතැයි එම කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ ක්‍රිකට් වර්ල්ඩ් වෙබ් අඩවිය සමග කෙටි පිළිසඳරකට එක්වෙමිනි.
මෙම සම්බන්ධයෙන් මීට කලින් තමා ඒ පිළිබඳව වැඩිය සිතා නොතිබුණ නමුත්, පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම සිය කණ්ඩායම ඉතා ශක්තිමත් වූ බැවින් පන්දුවාර විස්සයි 20 තරග වලදීත් ඔවුන් ඉතා මැනවින් දස්කම් දක්වනු ඇති බව අර්ජුන පවසා තිබේ.
තමා පන්දුවාර විස්සයි 20 තරග වලට වැඩි කැමැත්තක් නැති බවද අර්ජුන මෙහිදී පවසා තිබේ.
,මා වඩාත් කැමති ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග වලට. ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මට අධ්‍යාපනය වගේ දෙයක්. පන්දුවාර විස්සයි 20 තරග විනෝදය වගේ දෙයක් කියලයි මට හැඟෙන්නේ,” යැයි ඔහු පවසයි.
“මට හිතෙන්නෙ ගොඩක් කට්ටියට විනෝදය අවශ්‍යයි. ඒ නිසා පන්දුවාර විස්සයි 20 තරග සඳහා යන්න ඕනෙ. ඒත්, ටෙස්ට් හා එක්දින විනාශ නොකර,” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියි.