FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත හමුවේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 07ක ජයක් හා තරගාවලි ජයක්.

අද (24) අවසන් වූ ඔස්ට්‍රේලියා නවසීලන්ත ටෙස්ට් තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් ව තිබේ.

කෙසේ වුව ද අවසානයේ දී තරගයේ ජයග්‍රහණය මෙන්ම තුනට දෙකක් ලෙස තරගාවලියේ ජය හිමිකරගත්තේ ද ඔස්ට්‍රේලියාව විසිනි.

පළමු ඉනිම වෙනුවෙන් නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 370ක් පමණි. එහි දී බ්රෙන්ඩන් මැකලම් නවසීලන්තය වෙනුවෙන් පන්දු 124දී ලකුණු 145ක් රැස් කළේ ය.

ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ දී JA Burns 170ක් සහ SPD Smith 138ක් රැස් කළ අතර සියලු දෙනා දැවී ඔස්ට්‍රේලියාව ලකුණු 505ක් රැස් කර ඇත.

නවසීලන්තය දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 335ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියාව කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 201ක් රැස් කර ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගනු ලැබී ය.