FAST NEWS

24×7 Around the Globe

ආසියානු ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයන් බිලි බා ගැනීමට ඔට්ටුකරුවන් මාන බලයි.

ආසියාවේ ක්‍රිකට් බලවතා තෝරා පත්කර ගන්නා 13 වැනි ආසියානු ක්‍රිකට් තරගාවලිය අද (24දා) බංග්ලාදේශයේදී ආරම්භවීමට නියමිතය. සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර බංග්ලාදේශයේ ශෙර් බංග්ලා පිටියේ පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ ආරම්භයත් සමගින් ඔට්ටු තැබීම්ද ආරම්භවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රිකට් පිටියේ ඔට්ටු තැබීම අලුත් කාරණයක් නොවුණත් ඔට්ටුකරුවන් ක්‍රීඩකයන් බිලි බා ගැනීමට කටයුතු කරන හෙයින් මේ පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පරිපාලනය අවධානයෙන් සිටිය යුතු වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ කළ විස්සයි20 තරග සංචාරයේදීත් ඔට්ටු තැබීම් පිළිබඳව විවිධ කතා පැතිර ගිය අතර හයිද්‍රාබාද් පොලීසිය කළ වැටලීමකිදී ඔට්ටු තැබූවන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර තිබුණි. එහිදී ඉන්දීය රුපියල් 175,000ක් ජංගම දුරකථන 29ක්ද අත්අඩංගුව ගැනුණි.