හම්බන්තොට, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රවේශ ශාලා විවාහ මංගලෝත්සව සඳහා කුලියට ලබාදෙන බවත්, ඒ සඳහා දිනකට රුපියල් 10,000 ක කුලී මුදලක් අය කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම මෙම ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු පවත්වන ආයතනයක් බවට පත්කිරීමට සාකච්ඡා කරමින් පවතින බවත්, ක්‍රීඩාංගණය වසා නොදමන අතර, එය ප්‍රකෘති තත්ත්වයට පත්කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.







