FAST NEWS

24×7 Around the Globe

වාහන ලියාපදිංචිය 42 % න් පහළට.

දෙසැම්බර් මාසයට සාපෙක්ෂව ජනවාරි මාසයේ වාහන ලියාපදිංචිය 42 % න් පහළ ගොස් ඇතයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට අනුව පසුගිය නොවැම්බර් මාසයේදී වාහන 62423 ක් ලියාපදිචි වී තිබිණ.

නමුත් එය දෙසැම්බර් මාසයේදී වාහන 57,356 ක් දක්වාත්, ජනවාරි මාසයේදී වාහන 32,801 ක් දක්වාත් පහළ ගොස් තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ වාහන මිල ගණන්වල සිදුවුණු උච්ඡාවචනය මේ සඳහා බලපාන්නට ඇති බව ය.