FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ ගමේ අය ගිය වසරේ බීපු මත් පැන් ලීටර් ගණන දන්නවද?

පසුගිය වසර තුළ පොළොන්නරුවේ පුද්ගලයින් රුපියල් මිලියන 225ක මත් පැන් පානය කර ඇතැයි මතද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධක බළකාය විසින් හෙළි කර තිබෙනවා.

පසුගිය වසරේ පොළොන්නරු ජනයා බී ඇති මත්පැන් ප්‍රමාණය ලීටර් 1,852,956 ක් බවත් එය බවුසර් වශයෙන් ගතහොත් බවුසර් 160ක් බවත් එම බළකාය පවසනවා.
ලංකාවේ සෑම ගමකම රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා දුම්වැටි ප්‍රමාණයක් වසරකදී මිලට ගන්නා බවයි ඔවුන්ගේ අදහස වන්නේ.