FAST NEWS

24×7 Around the Globe

මහේල සාජා පිටිය දෙවනත් කළ වීඩියෝව මෙන්න.

සාජා ක්‍රීඩා පිටියේ ඊයේ (04) පැවති මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් 20 – 20 ස ක්‍රිකට් තරඟයකදී නැවතත් විශිෂ්ට පිති හරඹයක් දැක්වීමට සුපිරි පිතිකරු මහේල ජයවර්ධන සමත් වුණා.

සැගිටේරියස් ස්ට්‍රයිකර්ස් පිල නියෝජනය කරමින් මහේල තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කළේ තරඟයේ වීරයා බවට පත්වෙමිනි.

ඔහුගේ කණ්ඩායම සිය පන්දුවාර විස්ස තුලදී කඩුලු 3කට ලකුණු 227ක් රැස් කළ අතර මහේල ලබා ගත් ලකුණු සංඛ්‍යාව 124කි.

ඒ සඳහා පන්දු 60කට පමණක් පහර දුන් මහේල 4 පහර 10ක් සහ 6 පහර 9ක්ද එල්ල කළා.

පිළිතුරු වශයෙන් ලිබ්ර ලෙජන්ඩිස් කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 164ක් පමණයි.

ෂෝන් අර්වින් පන්දු 20කදී ලකුණු 55ක් රස කළ අතර ෂේන් බොන්ඩ් සහ ඩැනියෙල් විටෝරි කඩුලු 2ක බැගින් බිඳ ලබා ගත්තා.

මේ අනුව තරගයෙන් මහේල නියෝජනය කළ සැගිටේරියස් ස්ට්‍රකර්ස් කණ්ඩායමට ලකුණු 63ක ජයක් ලබා ගැනීමට හැකිවුනා.

[youtube url=”https://www.youtube.com/watch?v=65BEm9L-U5E” width=”560″ height=”315″]