FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික සඟරාවෙන් ශ්‍රී ලංකාව ගැන පෙරළිකාර අනාවැකියක්.

ශ්‍රී ලංකාව සහ වියට්‌නාමය ආසියානු කලාපයේ නැගී එන වෙළෙඳපොළ බවට පත්වනු ඇතැයි ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික සඟරාවක්‌ වන ෆෝර්බ්ස්‌ ‌ (Forbes) සඟරාව පවසයි.

ෆෝර්බ්ස් සඟරාව මගින් ප්‍රකාශයට පත්කරන ලද ඉහළ ධනය උපයන කාර්මික රටවල් පිළිබඳ නවතම වාර්තාවට අනුව මෙම අනාවැකිය පළ කර තිබේ.

මෙම වාර්තාව සකස්‌ කිරීමේ දී පර්යේෂකයකු ලෙස කටයුතු කළ ඇන්ඩෲ අමොලිස්‌ පවසන්නේ ඉදිරි වසර 15 ඇතුළතදී චීනය, ඉන්දියාව, වියට්‌නාමය සහ ඉන්දුනීසියාවේ ඉහළ කාර්මික ධනය උත්පාදනය සියයට 670 කින් ඉහළ යන බවයි. මෙම වාර්තාව සකස්‌ කිරීමට පර්යේෂක කණ්‌ඩායම වසරකට සම්මුඛ සාකච්ඡා 800 ක්‌ද දත්ත 150,000 ක්‌ද යොදාගෙන තිබේ.