තනපටයක තිබී ජෙලි හා සමාන දෙයක් අඩංගු සැකකටයුතු පැකට් දෙකක් හමුවූ පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.
කැකිරාව පොලිසිය ආසන්නයේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානයෙන් කාන්තාවක් විසින් එම තනපටය මිලදී ගෙන ඇති අතර වෙළෙඳසල තුළදී එය වැඩිදුර පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේ එහි කොටසක යම් සැකකටයුතු ඇසුරුම් පැකට්ටුවක් ඇති බව දැකගන්නට ලැබුණු බව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වනවා.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විසින් අදාළ තනපටය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හඳුනා නොගත් ජෙලිවලට සමාන දෙයක් සහ කුඩා ගුළි 3ක් බැගින් අඩංගු පැකට් දෙකක් හමුවූ බවයි පැවසෙන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ සේවිකාවන්ගෙන් හා කළමනාකාරිත්වයෙන්ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ ඒවා අදාළ නිෂ්පාදකයා විසින්ම ඊට ඇතුළත් කර ඇති ඒවා බවයි.
අදාළ පැකැට්ටු දෙකෙහි අඩංගු දෑ සොයා බැලීමට රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
Pushup හා Padded තනපට නිර්මාණයේදී මෙවැනි ජෙල් පැකට් යොදාගැනීම සිදුකරනු ලබනවා.
වික්ටෝරියා සීක්රට් වැනි ලෝක ප්‍රකට සමාගම් පවා Gel Padded තනපට නිර්මාණයේදී ඒවා ඇතුළතට සුවඳ රහිත ඛනිජ තෙල් ඇතුළත් පැකට් දෙකක් ඇතුළත් කිරීම ප්‍රසිද්ධ කරුණක්.
වරක් චීනයේ නිෂ්පාදිත Gel Padded තනපට වියට්නාමයේදී පරික්ෂාවට ලක් කෙරුණ අතර එහිදී සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණවලදී හෙළිවුයේ ඛනිජ තෙල් පිරවූ පැකට් සහිත Padded තනපට දිගු කාලීනව පැළඳීමෙන් සෞඛ්‍ය ගැටළු මතුවිය හැකි බවයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.