FAST NEWS

24×7 Around the Globe

සංගා සාජා පිටියේ යළි අණසක පතුරවයි(වීඩියෝ)

මේ දවස්වල ඩුබායි රටේ පැවැත්වෙන මාස්ටර් චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවෙලා ඉන්න සංගා සහ මුරලි දක්ෂතා ගොඩක් පෙන්නුවා.

මේ දෙන්නා ඊයේ (03) Capricorn Commanders කණ්ඩායමත් එක්ක තිබ්බ තරගයේදීත් වැඩදාලා දස්කම් පෙන්නුවා.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් Gemini Arabians කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 65ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් එක්ක.

සංගා ලකුණු 65 ලබාගන්න මුහුණ දුන්නේ පන්දු 40කට විතරයි.

සංගාට අමතරව නායක විරේන්ද්‍ර ශේවාග් පන්දු 27කදි ලකුණු 59ක් ලබාගත්තා. ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් එක්කයි.

මෙයාලා තමන්ගේ පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 190ක් රැස්කර ගත්තා.

කොහොම හරි තරගය දිනන්න ඕනෙ කියලා පිටියට ආපු Capricorn Commanders කණ්ඩායමට ඒක ලේසි වුනේ නැහැ. ඒකට හේතුව මුත්තයියා මුරලිදරන්. මුරලි කඩුළු 3ක් දවාගත්තා පන්දුවාර 4කදි ලකුණු 29ක ලබාදෙමින්.

කොහොමහරි Capricorn Commanders කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20දි කඩුළු 8ක් දැවී ලබාගන්න පුළුවන් වුනේ ලකුණු 180ක් විතරයි.

තරගයේ වීරයා වුනේ නම් විරේන්ද්‍ර ශේවාග්…

[youtube url=”https://www.youtube.com/watch?v=Lq-EvijQRps” width=”560″ height=”315″]