FAST NEWS

24×7 Around the Globe

සීකා නිසා ටාටා වෙනස් වේ.

ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටාටා මෝටර්ස් විසින් එළිදැක්වීමට නියමිතව තිබූ Zica හැච්බැක් මෝටර් රථයේ නාමය වෙනස් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ, මේ දිනව වල ලොව පුරා පැතිර යන සීකා (Zika) වෛරසය හේතුවෙනි.

මේ රෝගය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ගෝලීය වශයෙන් හදිසි ආපදා තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබුණි.

මෙවැනි අවස්ථාවක, සමාජීය වගකීම් දරණ සමාගමක් ලෙස තම නවතම මෝටර් රථයේ සන්නාම නමය වෙනස් කිරීමට තීරණය කළ බව ටාටා සමාගම කියා සිටියි.

එළැඹෙන බදාදා දින නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත මෝටර් රථ ප්‍රදර්ශනයේදී මෙම මෝටර් රථය එහි එහි පැරණි නමින්ම එළිදැක්වීමට නියමිත වුවද, එම රථයට ලබාදෙන නව නාමය සති කිහිපයක් ඇතුළත ප්‍රකාශයට පත්කරන බව ටාටා සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.