FAST NEWS

24×7 Around the Globe

නිදහස් දින උත්සවය වර්ජනය කරන ලෙස බොදුබල සේනා ඉල්ලයි.

වත්මන් ආණ්ඩුව ගලගොඩඅත්තේ ඥනසාර හිමි ඇතුළු හිමිවරුන් කිහිපදෙනකුම සිරගත කොට ඇති නිසා මෙවර නිදහස් දින උත්සවය වර්ජනය කරන මෙන් මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් බොදුබල සේනා සංවිධානය (02 වැනිදා ඉල්ලීමක් කළේය.

සංඝයා වහන්සේලා සිරගතකොට ඇති අවස්ථාවක නිදහස කෙසේ සමරන්නදැයි විමසූ බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා නිදහස් දිනය දා එම හිමිවරුන්ට සෙත්පතා පිංකම් කරන ලෙස ඉල්ලා සිටියේය.

වත්මන් ආණ්ඩුවේ කොන්ද පණ තිබෙනවා නම් අපේ හාමුදුරුවන්ගේ පස්සෙන් පැන්නීම නතර කර මෙරට ක‍්‍රියාත්මක වෙමින් ඇති අයි එස් අයි එස් ත‍්‍රස්තවාදීන් හා අන්තවාදී කණ්ඩායම් පිළිබඳ සොයා බලන ලෙසත් ඩිලන්ත විතානගේ මහතා ආණ්ඩුවට අභියෝග කළේය.