FAST NEWS

24×7 Around the Globe

ශිරාල් හා මෛත්‍රී ශ්‍රීලනිප සමග සන්ධාන ගත වීමේ සුදානමක්.

ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රී ගුණරත්න යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සම කැඳවුම්කරුවන් ලෙස කටයුතු කරන ජාතික පවුර සංවිධානය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සමග සන්ධාන ගතවීමට තීරණය කර ඇත.

.
මේ පිළිබඳව ශ්‍රී ලනිපයට දන්වා ඇත. එක්‌සත් ජාතික පක්‌ෂය සම්බන්ධයෙන් කල කිරුණු ජාතික පවුර සංවිධානයේ පිරිසක්‌ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලනිපය නායකත්වය ලබාදෙන සන්ධානයත් සමග එක්‌ව තරග කරන බවද කීය.

එක්‌සත් ජාතික පක්‌ෂයෙන් දකුණු පළාත් සභාව නියෝජනය කළ මෛත්‍රී ගුණරත්න සහ බස්‌නාහිර පළාත් සභාව නියෝජනය කළ ශිරාල් ලක්‌තිලක යන මහත්වරුන් මේ වන විට එජාපයෙන් නෙරපා ඇත.

ශිරාල් ලක්‌තිලක මහතා මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදේශකයකු වශයෙන් කටයුතු කරන අතර මෛත්‍රී ගුණරත්න මහතා ලංකා ගල්අඟුරු සංස්‌ථාවේ සභාපති වශයෙන්ද කටයුතු කරයි.