FAST NEWS

24×7 Around the Globe

සිකා නිසා ලිංගික එකතු වීමටත් බාධා.

ලෝකයේ දැඩි අවධානයකට තුඩු දී ඇති සීකා වෛරසය පැතිරෙන තවත් ක‍්‍රමයක් අමෙරිකාව විසින් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයින් ලිංගිකව එක් වීම හේතුවෙන්ද මෙම වෛරසය පැතිර යන බව තහවුරු වී ඇති බවයි. අමෙරිකාව තුළ සීකා පැතිරගොස් ඇත්තේ මදුරුවන් දෂ්ඨ කිරීමෙන් නොව ලිංගිකව එකතුවීමෙන් බවද නවතම වාර්තාවේ සඳහන්. අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයකින් එලෙස වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු සොයාගෙන තිබෙනවා.

මේ වනවිටද ලෝකයේ රටවල් කිහිපයක පැතිර යමින් ඇති සීකා වෛරසය හේතුවෙන් දරුවන්ගේ මොළයේ සංකූලතා ඇති වන බවටයි හෙළිකර ගෙන ඇත්තේ.