ඉදිරියේදී ආරම්භ වන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යන තරගාවලියන්හි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම ශ්‍රී ලංකා විස්සයි20 නිත්‍ය නායක ලසිත් මාලිංග විසින් සිදුකරනු ලබයි.
තවද උප නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබා දීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය සාකච්චාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සහභාපති තිලංග සුමතිපාල මහතා විසින් මේ බව අනාවරණය කර සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පවසා සිටියේ පුහුණුකරුවන් දොළොස් දෙනෙකු සමඟ සාකච්චා කර ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ලෙස බඳවාගත් ග්‍රැහැම් ෆෝඩ් මහතා බඳවා ගත් බවයි. ෆෝඩ් මහතා සමඟ සාකච්චා කිරීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරද සහයෝගය ලබාදුන් බවද හෙතෙම පවසා සිටියේය.






