FAST NEWS

24×7 Around the Globe

කෝපි කඩේ එන්සිනා දැයෙන් සමු ගනී.

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ එන්සිනාගේ චරිතය නිසා ප්‍රකටව සිටි රංගන ශිල්පිනි සුසිලා කූරගම ඊයේ (01 දා) අභාවප්‍රාප්ත වූවාය. දරුවන් හය දෙනෙකුගේ මවක වන ඇය කලක් තිස්සේ රෝගාතුරව සිටි අතර පසුගියදා අසාධ්‍ය වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාරඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

මියයන විට ඇය 72 වන වියේ පසුවූ ඇයඑළාර දුටුගැමුණු, හේමමාලී සරදියෙල් ආදී ඓතිහාසික නාට්‍යවලින් වේදිකාවටපිවිසි සුසිලා දීපාංජලී ඇතුළු සිනමා නිර්මාණ ගණනාවකද රගපා ඇත.