FAST NEWS

24×7 Around the Globe

මහින්දට අභයාරාමය අහිමි වේද?

නාරාහේන්පිට අභයාරාම විහාරයේ දේශපාලනික සහ වෘත්තීය සමිති කටයුතු සිදු කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් පත්බේරිය විමලඥාන හිමියන් කොළඹ දිස්ත්‍රික් උසාවියට ඊයේ  (01) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුව දමා ඇත්තේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ පත්බේරිය විමලඥාන හිමියන් වන අතර එම හිමියන් පෙන්වා දී ඇත්තේ විහාරස්තානයේ හිමිකම පිළිබඳ නඩුවක් පවතින බැවින් දැනට සිටිනා මුරුතෙට්‍ටුවේ ආනන්ද හිමි විසින් පන්සලේ දේශපාලන සහ වෙනත් ආර්ථික කටයුතු සඳහා එම පන්සල භාවිතා කරන බවත් එමගින් විහාරස්ථානයේ කීර්ති නාමයට හානි සිදුවන බවත් උන්වහන්සේ එම පෙත්සම මගින් පෙන්වා දේ.

මුරුතෙට්‍ටුවේ ආනන්ද හිමි මෙම විහාරස්ථානයේ අයිතිය බලහත්කාරයෙන් කොල්ල කාගෙන ඇත. මීට අදාල තීන්දුව එළැඹෙන 15 වැනිදා ලබා දීමට නියමිතය.