FAST NEWS

24×7 Around the Globe

රතු සහල් කන්නේ පරිස්සමින්.

මිනිස් පරිභෝජනයට නුසුදුසුයැයි පැවසෙන වර්ණකාරකයන් යොදා සහල් අළෙවි කිරීමේ ජාවාරමක් ප්‍රධාන නගර කිහිපයක වතු ආශ්‍රිතව සිදුවන බව වාර්තා වේ.

මඩකලපුව, කල්මුනේ, සමන්තුරේ, අම්පාර යන ප්‍රදේශවල ගොවින්ගෙන් මිළදී ගන්නා රතු සහල් වි මෝල් වලට ගෙනවිත් එහිදි සුද්ද කර පොලිශ් කිරිමෙන් පසු රතු සහල් වලට මෙම වර්ණකාරකයන් යොදවන බව වෙළඳසැල් හිමියන් ප්‍රකාශකරයි.

එම වර්ණකාරක යෙදිමෙන් පසු රතු සහල් රෝස පැහැයක් ගන්නා අතර තමන් එම පැහැයට රැවටී සහල් මිළදී ගන්නා බවත් ඒවා සෝදන අවස්ථාවේ එම සහල් වලට යොදා තිබු වර්ණකාරක ඉවත් වී රතු සහල් තද රතු පැහැයෙන් යුක්ත වන බවත් පාරිභොගිකයින් කියාසිටීයි.

වෙළඳුන් මේ සම්බන්ධව කියාසිටියේ මෙසේ වර්ණගන්වා ඇති සහල් කිලෝවක් රුපියල් හැත්තෑවක් වැනි මිළකට වෙළදපොලේ අළෙවි වන බවත් මෙම සහල් මඩකලපුව, අම්පාර, කල්මුනේ යන ප්‍රදේශවල සහල් මෝල් හිමියන් විසින්ම ලොරි රථවලින් වතුකරයට රැගෙනවිත් තොග මිළට අලෙවි කරන බවත් ය.

මෙවැනි වර්ණ ගැන්වු සහල් අලෙවි කිරිම සපුරා තහනම් බව ද එවැනි සහල් අළෙවිකළ වෙළදුන් රැසකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා දඩ මුදල් අයකර ඇති බව ද තවත් මෙවැනිම වර්ණ ගැන්වු සහල් සාම්පල් කිහිපයක වාර්තාවක් ලබා ගැනිම සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද නුවරඑළිය පාරිභෝගික අධිකාරීයේ ප්‍රධානි විමලසිරි ඉලුක්කුඹුර මහතා ප්‍රකාශ කළේය