FAST NEWS

24×7 Around the Globe

රවීගේ මස්සිනාත් සී.එස්.එන්. නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්ලු?

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මස්සිනා වන දිනේෂ් ජයවර්ධන කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක්ස් හෙවත් සී.එස්.එන්. නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල්වීරවංශ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ අද (01) එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය.

හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පොලිසිය විරුද්ධවූ බවත්, යෝෂිත අත්අඩංගුවට ගැනීමට තීන්දුව ගත්තේ අපේ ගමේදී රැස්වූ අගමැතිවරයා, පොලිස් නිලධාරීන් 2ක් හා එන්.ජී.ඕ. ප්‍රධානීන් කිහිපදෙනෙකු විසින් යැයිද වීරවංශ මහතා කියා සිටියේය.

මෙහිදී වීරවංශ මහතා කියා සිටියේ යෝෂිත නාවික හමුදාවේදී ලැබූ විදෙස් පුහුණුවීම් සම්බන්ධ කාරණා ජ.විපෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මතු කළේ යෝෂිත අත්අඩංගුවට ගැනීමට පූර්විකාවක් සකස් කිරීමට බවයි.

ඔහු එහිදී දිසානායක මහතාව DIG අනුර කුමාර ලෙස හැඳින්වීම මාධ්‍යවේදීන්ගේ මුවට සිනහව එක් කිරීමට හේතුවක් විය.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් යෝෂිත බැලීමට ගිය බවත්, ඔහුට වෙනත් සිරකරුවන්ට මෙන් ගෙදරින් ආහාර නොලැබෙන බවත්, ඔහු අනුභව කරන්නේ අනෙක් රිමාන්ඩ් සිරකරුවන් මෙන් බන්ධනාගාරයේ ආහාර බවද වීරවංශ මන්ත්‍රීවරයා කීය.