සිය දියණියට ලබාදුන් පෙම් හසුනක් පිළිබඳව උරණ වූ පියා පෙම් හසුන දුන් සිසුවා පැහැරගෙන ගොස් පෙම්හසුන ඔහුටම කවා සිසුවියට මූත‍්‍රා කරන්නැයි බල කර එම මුත්‍රා සිසුවාට පොවා තිබෙනවා.
පසුව සිසුවාගේ දෑස්වලට මිරිස් කුඩු ගසා ගසක බැද පහරදීම හේතුවෙන් සිසුවා ප‍්‍රතිකාර සඳහා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ දහවැනි ශ්‍රේණියේ සිසුවෙකු වන අතර හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුුම ලබන අදාළ පියාගේ දියණියට මෙලෙස පෙම් අසුනක් ලබා දී තිබුණා.
තඹුත්තේගම ප‍්‍රදේශයේ එකම පාසලක අධ්‍යාපනය හදාරන මොවුන් දෙදෙනාම කුඩාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. පසුගිය 24 වැනිදා මෙම සිද්ධියට සම්බන්ධ සිසුවියගේ පියා විසින් ඔහුගේ නිවසට මෙම සිසුවා පැහැරගෙන ගොස් ගසක බැඳ දමා දෑස්වලට මිරිස් කුඩු ගසා ඉණ පටියකින් හා වේවැලකින් දැඩිසේ පහරදී ඇති බවද පැවසෙයි. මෙම පහරකෑම නිසා සිසුවාට සිහිනැතිවී ගිය බවද සඳහන්.
සිසුවා පැහැරගෙන ගිය බව සැලවී ඔහුගේ පුංචි අම්මා විසින් ගසක බැද සිටියදී සිහිනැතිව සිටි සිසුවා බැඳ තිබූ ගසෙන් ලෙහාගෙන දැඩි සේ රෝගාතුරවීම නිසා රෝහල් ගතකර තිබෙනවා.
සිද්ධියට මුහුණ දුන් සිසුවා මෙසේ පැවසුවා.
“පසුගිය 24 දා සවස මම පාසලේ පිට්ටනියේ සෙල්ලම් කරමින් ඉන්නවිට ලියුමක් ගැන අහන්න තියනවා කියලා බලෙන්ම මාව එයාගේ බයික් එකේ නංවාගෙන අරගෙන ගියා. ගෙදර ළඟ ගහක බැඳලා මට ඔළුවට, පපුවට, මුණට ගැහුවා. මට ඇස්දෙක නිලංකාර වේගෙන එන නිසා මම වතුර ටිකක් ඉල්ලූවාම මම ලියුම දුන්නු ගෑනු ළමයට මූත‍්‍රාකරන්න කියලා මට ඒවා බලෙන්ම පෙව්වා. මගේ ඇස්දෙක පේන්න බැරිවෙන්න ඇස්වල මිරිස් කුඩු ගෑවා. ඊට පස්සේ මට අමාරු වුණ නිසා අම්මයි පුංචි අම්මයි මාව රෝහලට රැගෙන ආවා.”
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 24 වන දින සවස පහර කෑ සිසුවාගේ මව විසින් තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර මේ වනතුරුත් තඹුත්තේගම පොලිසිය විසින් සිසුවාට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බව සිසුවාගේ මව පවසයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.