FAST NEWS

24×7 Around the Globe

ළමුන්ට ක්‍රීඩා කිරීමේදි පියයුරු ගැටලුවක්.

ළමුන්ට ක්‍රීඩා කිරීම අනිවාර්ය කර ඇති එක්සත් රාජධානියේ ළමුන් එය මඟහරින්නේ මන්දැයි කරන ලද සමීක්ෂණයකදී දැරියන් ක්‍රීඩා කිරීම මගහරින්නේ තිසරපට අවුල් නිසා යැයි හෙළිව තිබේ.

පොර්ට්ස්මවුත් සරසවිය (Portsmouth Campus), සෙන්ට් මේරීස් ට්විකන්හැම් සරසවිය (st mary’s twickenham campus) හා චයිවෙස්ටර් විශ්වවිද්‍යාලය එක්ව සිදු කළ සමීක්ෂණයකින් මේ බව තහවුරුව ඇත.

ඔවුන්ගේ සමීක්ෂණයට අනුව පාසල් සිසුවියන් ක්‍රීඩා කිරීමට මැලිව ඇත්තේ ක්‍රීඩා කිරීමේදි ඇතිවන පියයුරු ආබාධ හේතුවෙනි.

වයස අවුරුදු 11ත් 17ත් අතර පාසල් සිසුවියන් 2000ක් පමණ සහභාගිකරගනිමින් සිදු කළ මේ සමීක්ෂණයේදී වයස අවුරුදු 14 පසුවන සිසුවියන් 90%ක්ම පවසා ඇත්තේ රජය නියමකර ඇති ප්‍රමාණයට ව්‍යායාම් නොකරන බවයි.

ඔවුන් කියා ඇත්තේ තමන්ගේ පියයුරු ක්‍රීඩා කිරීමට අපහසු තරම් විශාල බවයි.

ක්‍රීඩා කිරීමේදි ක්‍රීඩා කිරීමට විශෙෂිත තිසරපට පළඳින්නේ 10%ක් පමණ බවත්, ඔවුන් පළඳින්නේනද ඔවුන්ට ගැලපෙන එකද යන්න පිළිබඳ ගැටලු ඇති බවයි.

ඊට සහභාගිවූ 87%ක් පියයුරු සෞඛ්‍ය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවද පැවසේ.