මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ සමීපතමයන් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා බරපතළ වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ නවත්වා නොමැති පසුබිමක ශ‍්‍රීලනිප සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡුා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට මහතා අත්අඩංගුවට පත්වීමට පෙර ‘රාවය’ පුවත්පතට පවසා ඇත.
එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් මහින්ද සහ මෛත‍්‍රීපාල සමගි කිරීම ගැන ප‍්‍රචාරයක් ගෙන ගියත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් සමගිය සඳහා අවංක උත්සාහයක් නොමැති බව මෙම පරීක්ෂණ ක‍්‍රියාත්මකවීමෙන් පෙනී යන බවත් අවංකභාවය තහවුරු කිරීමට අඩුම තරමේ මෙම පරීක්ෂණ නැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.
අදාළ පරීක්ෂණ මහින්ද රාජපක්ෂ හිතවාදීන්ව ඉලක්ක කොට සිදුකරන බව ඔහු පවසා ඇත.
ශ‍්‍රීලනිපයේ කිසිවකු මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡුා කර නොමැති බවත් එසේ සාකච්ඡා සිදු කළද පසුගිය මහ මැතිවරණයේදී මෙන් රැවටීමකට ලක් නොවන බවත්ද පසුගිය මැතිවරණයේදී පක්ෂය ගැන සිතා වෙන් නොවී සිටිය බවත් ඔහු කියා සිටියි.
නව පක්ෂය ස්ථිරයි :
මේ අතර ඉදිරි පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට නායකත්වය දීමේ වගකීම තමන් වෙත නොපවරන්නේ නම් තමන් අලූත් පක්ෂයකට නායකත්වය දෙන බවද පසුගිය 23 වැනිදා කාල්ටන් නිවසේ පැවති හමුවකදී හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත.
කාල්ටන් නිවසේ පැවති මෙම හමුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොනරාගල හිටපු පළාත් පාලන නියෝජිතයන් 69 දෙනකු සහභාගි වී ඇති අතර හමුව සවස 4ට පමණ ආරම්භ වී ඇත.
මෙහිදී ඍජු විපක්ෂයක අවශ්‍යතාව පෙන්වා දී ඇති හිටපු ජනාධිපතිවරයා 2005 වර්ෂයේ ජනාධිපති වරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් මගහරින විට ඉදිරියට පැමිණ තමන්ට මුලින්ම උදව් උපකාර කළේ පළාත් පාලන නියෝජිතයන් බවද ඒ නිසා මෙවරද තමන්ගේ සහයට පැමිණි පළාත් පාලන නියෝජිතයන් තමන්ට විශ්වාස බවද ප‍්‍රකාශ කර ඇත.
මෙම හමුවට ප‍්‍රථම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම ස්ථානයේ සිට ඇති අතර අදාළ පළාත් පාලන නියෝජිතයන් තංගල්ල කාල්ටන් නිවසට යෑමට ප‍්‍රථම බුත්තලදී හිටපු මහ ඇමති ශෂී රාජපක්ෂ මහතා ද මුණගැසී සාකච්ඡුා පවත්වා ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.