FAST NEWS

24×7 Around the Globe

යුරෝපයට සංක්‍රමණය වූ සරණාගත ළමයින් 10,000 ක් අතුරුදන්.

පසුගිය වසර දෙක තුළ යුරෝපයට සංක්‍රමණය වූ සරණාගතයන් අතර සිටි ළමයින් 26,000 න් 10,000 ක් අතුරුදන් ව ඇති බව යුරෝපීය පොලිස් බුද්ධි ඒකකය සඳහන් කරයි.

යුරෝපයේ මේ වනවිට සිටින සියලු සරණාගතයන් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකින් අනතුරු ව ඔවුන් මේ බව හෙළිකර ඇත.

යුරෝපීය පොලිස් බුද්ධි ඒකකයට අනුව අතුරුදන් වූ මෙම ළමුන් විවිධ ලිංගික අතවර සහ අපරාධවලට ලක් ව ඇති බවට අනුමාන කෙරේ.

එමෙන්ම ඇතැම් ළමයින් වහල් සේවයේ යොදවා ඇති බවට එම ඒකකය චෝදනා කරයි.