2016 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා වන ආසියානු ක්රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවට රොමේෂ් කළුවිතාරණගේ නම යෝජනා වී තිබේ.
රොමේෂ් කළුවිතාරණද මීට කැමැත්ත පළ කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්රිකට් තරග 49කට සහ එක්දින ක්රිකට් තරග 189කට රොමේෂ් කළුවිතාරණ සහභාගී වී ඇත.
ඔහු 1996 එක්දින ක්රිකට් ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේද ප්රබල සාමාජිකයෙකි.







