FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන්ට සැළකීම මත ඉහල පුටුවකට හදිසි ස්ථාන මාරුවක්?

වැලිකඩ බන්ධනාගාරයේ හා රෝහලේ ප්‍රධානියා වන අනුර ඒකනායක මහතාට හදිස්සි ස්ථාන මාරුවක් දී ඇතැයි වාර්තා වේ.

ඒකනායක මහතාට හදිස්සි ස්ථාන මාරුවක් දී ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වීම නිසා යැයි රාවයක් පැතිර තිබේ.

ඥානසාර හිමියෝ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කරන ලද නියෝගයට අනුව මුලින්ම ගෙනවිත් ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට බවත්, පසුව ඔහු වැලිකඩ රෝහල වෙත මාරුකර යවා ඇති බව පැවසේ.

කෙසේවුවද මේවන විට ඒකනායක මහතා බන්ධනාගාර මූලස්ථානය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.