FAST NEWS

24×7 Around the Globe

සීකා ලංකාවේද පැතිර යැමේ අවදානමක්‌?

බ්‍රසීලයෙන් ආරම්භ වූ .සීකා. මදුරු වෛරසය ඇමරිකාවල චිලීල කැනඩාව ඇතුළු රටවල් 21 ක පැතිර යමින් තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

2015 වසරේ මැයි මාසයේ සිට පැතිර යන මෙම වෛරසයෙන් වැඩිම බලපෑමක්‌ එල්ල වී ඇත්තේ බ්‍රසීලයටයි. ඉන් ඔක්‌තෝබර් මාසයේ සිට බ්‍රසීලයේ හිස්‌ කබල කුඩා දරුවන් 3500 ක්‌ උපත ලබා තිබේ.මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් මදුරු උවදුර බහුල ලෙස පැතිර ගොස්‌ තිබෙන එල් සැල්වදෝර්ල කොළොම්බියා සහ ඉක්‌වදෝර් යන රටවල කාන්තාවන්ට 2018 වසර වනතෙක්‌ ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙසද සීකා වෛරසය පැතිර ගොස්‌ තිබෙන රටවල සංචාරයේ යෙදීමෙන් වළකින ලෙසද ඇමරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්‌ථානය දැනුම්දී තිබේ.

මේ වන තෙක්‌ සීකා වෛරසයට ප්‍රතිකාරයක්‌ හෝ එන්නතක්‌ සොයා ගෙන නොමැති අතර එකම විසඳුම වන්නේ රෝග කාරක මදුරුවා බෝ්වීම වළක්‌වා ගැනීමය.

සීකා මදුරු වෛරසයට හේතු කාරක වන ,ඊඩිස්‌ ඊජිප්ටයි, සහ ,ඊඩිස්‌ පිටියේටස්‌, යන මදුරු විශේෂ ශ්‍රී ලංකාවේද සිටින බැවින් සීකා මදුරු වෛරසය ශ්‍රී ලංකාවේද පැතිර යැමේ අවදානමක්‌ තිබෙන බව ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරි නජිත් සුමනසේකර මහතා පැවසීය.
උපුටා ගැනීම -දිවයින