FAST NEWS

24×7 Around the Globe

රතන හිමියන්ගේ මහා නගර විරෝධයට ඇමති චම්පික ප්‍රතිචාර දක්වයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මහා නගර ගැන දන්නා දෙයක් නැති බවත් උන් වහන්සේ සතුව ඇත්තේ යල්පැන ගිය දැනුමක් බවත් මෙගා පොලිස් ඇමති චම්පික රණවක මහතා පවසයි.

ලෝකයේ මහා නගර හැර යමින් ඇති කාලයක මෙරටට මහා නගර කුමක් කරන්නදැයි රතන හිමියන් විසින් දෙරණ රූපවාහිනියේදී කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇමතිවරයා කියා සිටියේ මහා නගර සංවර්ධනය ගැන කිසිදු හැදැරීමක් නැති පුද්ගලයින් විසින් කරන චෝදනා වලට පිළිතුරු දෙන්නට තමන් සූදානම් නැති බවත් හරි හමන් විවේචනයක් නම් බාර ගන්නා බවත්ය.

රතන හිමියන්ට ඇත්තේ යල් පැන ගිය දැනුමක් යයිද කී ඇමතිවරයා උන් වහන්සේ එසේ ප‍්‍රකාශ කරන්නේ කරුණු හරිහැටි නොදැන යයිද කියා සිටී.