FAST NEWS

24×7 Around the Globe

සතියේ දිනවල වල පැය 6ක් තුල උපකාරක පන්ති තහනම්.

සතියේ දිනවල උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සූදානම් වෙයි. ඒ අනුව පාසල් පැවැත්වෙන කාලය තුළ දී උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා විදුහල්පතිවරයාට දැනුම් දී ඇත.

උසස් පෙළ පන්තිවල සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය සියයට 80 දක්වා වැඩි කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඇමැතිවරයා පැවැසීය. පාසල් පැවැත්වෙන වේලාවේදී උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම මගින් ළමුන් පාසලට පැමිණීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඇමැතිවරයා විශ්වාස පළ කරයි. ඇමැතිවරයාගේ මෙම තීරණයට විදුහල්පතිවරුන්ගේ යහපත් ප්‍රතිචාරයක් ලැබි ඇත.