මත්තල ගුවන්තොටුපළේ තැන්පත්කළ වී මෙට්‍රික් ටොන් 4700ක් මද්‍යසාර නිෂ්පාදන සමාගමකට විකුණා ඇති බවට මාධ්‍ය කළ හෙළිදරව්ව සත්‍ය නම් එය බරපතළ කරුණක් බව ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
දේශීය වෙළෙඳපොළේ සහල් මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාරිභෝගිකයා පීඩාවට පත්ව සිටියදී, පරිභෝජනයට සුදුසු වී තොග මද්‍යසාර නිෂ්පාදනයට යෙදාගැනීම ජාතික අපරාධයක් බවත්, රු. 45කට මිලදී ගත් වී කිලෝවක් මද්‍යසාර නිෂ්පාදන සමාගමට විකුණා ඇත්තේ රුපියල්42ක් වැනි අඩු මිලකට බවත් හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ වෙයි.









