සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් වගේම එක ඕනෑම කෙනෙකුට දැනෙන දෙයක්. ගායක ගායිකාවන් දහස් ගණනක සිත් ගීත වලින් සනසනවා. එත් ඒ ගීත නිසා තමන්ගේ ජිවිතයට තර්ජනයක් වුණොත්. එදාට ඒ ගීත ගායනා කරන කෙනාගේ සැනසීම නැති වෙනවා.
මේ කතාවත් මේ වගේ අවාසනාවන්ත කතාවක්.
මිර්නා හැනා The Voice of Kids තරඟයට සහභාගී වුණා .ඇයගේ වයස අවුරු 11යි.
ඒ තරඟයේදී ඇය ගායනා කළා Frozen චිත්‍රපටයේ ජනප්‍රියතම ගීතයක් වන Let it go.. ගීතය. ඊට පස්සේ ඇය ලෝකය පුරාම ජනප්‍රියත්වයට පත්වුණා. මොකද ඒ තරම් ඇයගේ ගායන හැකියාව ඉහළ නිසා.
ඔයාලා දන්නවද ඒ තරඟයේ ඇය සින්දුව කියපු වීඩියෝව You Tube මගින් 19,704,104ක පිරිසක් මේ වන විට නරඹලා තියෙනවා.
ඒ ගීතයෙන් පස්සේ “බාබිලෝන් ප්‍රින්සස් ” කියන නමින්ද ඇයව කට්ටිය ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා.
මේ තරඟයේදී එම ගීතය ගායනා කිරීමෙන් පසු මිර්නා විනිශ්චය මණ්ඩලයේ හිටපු අයට කිව්වා ඇයගේ ජිවිතයට මරණ තර්ජනය එල්ල වෙලා තියෙනවා කියලා. ISIS සටන්කාමීන් ඇයව ඝාතනය කරන්න බලාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. වැඩිදුරටත් ඇය මෙහෙම කියනවා. “මම දැන් රෑට නිදා ගන්නේ හරිම බයෙන්. මට තනියම නිදා ගන්න බයයි. මට ලොකු බයක් දැනෙනවා” කියලා.
මිර්නාගේ තාත්තා කියනවා එයාලා පදිංචි වෙලා හිටියේ ලෙබනන්ලු. එයාලා පවුල පිටින් ඉරාකයට ආවේ දුවගේ ජිවිතයට මරණ තර්ජනය තියෙන නිසාලු. ISIS සටන්කාමීන් කියනවලු මේ පුංචි මිර්නාව මරණවා කියලා.
[youtube url=”https://www.youtube.com/watch?v=77xBgxvi4bk” width=”560″ height=”315″]









