FAST NEWS

24×7 Around the Globe

තරග පාවාදීම් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයෙක් ගැන බ්‍රෙන්ඩන් හෙළිකරයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයෙක් හා නිලධාරියකු තරග පාවාදීම් සම්බන්ධයෙන් සැක සහිත බවට තේරීම්කමිටු සාමාජිකයකු වන බ්‍රෙන්ඩන් කුරැප්පු මහතා විසින් හෙළිදරව් කර ඇතැයි වාර්තා වේ.

ඔහු මේ හෙළිදව්ව කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ එහි කළමනාකරු ලෙස එංගලන්තයේ සංචාරයක් නිමා කිරීමෙන් පසුව ලබාදුන් වාර්තාවක් මගිනි.

කෙසේවුවද පැවැති ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එය යටගසා ඇති බවද පැවසේ.

අදාළ ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ
මේ අතර මෙවර ඔස්ට්‍ර්ලියානු බිග් බෑෂ් තරගාවලියට අදාල ක්‍රීඩකයා ගෙන්වීමට එහි සංවිධායකයින් සිය අකමැත්ත පල කර තිබූ බවද වාර්තා වේ